මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිව්රුම

මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන වෙනුවෙන් සිදු කෙරෙන බක්මහ දිව්රුම වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් උත්සවය අද (03) පෙ.ව. 8.00 ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදී. එහිදී සියළු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය පිටු දැකීම සම්බන්ධ බක්මහ ප්‍රතිඥාව ලබාදීම සිදු වූ අතර කෙටි උත්සව සභාවක්ද පැවැත්විය.

මහනුවර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන කාර්යාලවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මත් ද්‍රව්‍ය භාවිතය සහ ලාංකීය ජනතාව මුහුණ දෙන අභියෝග යන මාතෘකාව යටතේ මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක්ද පවත්වන ලදී.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම

උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු විය. උත්සවයේ ජායා රූප පහත දැක්වේ.

 

 

 

 

 

 

 

ඉඩම් ඔප්පුවක් පැය විසි හතරක් තුළ නිකුත් කිරීමට කටයුතු කිරීමේ යුගයේ අවශ්‍යතාවයක්

            මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න

නූතන තාක්ෂණය හමුවේ සෑම කටයුත්තක්ම වේගවත්වී ඇති යුගයක එම තාක්ෂණය යොදා ගනිමින් ඉඩම් ඔප්පුවක් පැය විසි හතරක් තුළ නිකුත් කිරීමට කටයුතු කිරීමේ යුගයේ අවශ්‍යතාවයක් බව මහනුවර දිසාපති සහ අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් තිස්ස කරුණාරත්න මහතා පවසයි. මේ තුළින් වැඩිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ විදෙස් රටවලින් මෙරටට පැමිණෙන ආයෝජකයන්ට බව පෙන්වා දුන් දිසාපතිවරයා  එය ලංකාව ජාත්‍යන්තර ව්‍යාපාරික දර්ශකය ලබා ගැනීමට යන ගමනට පහසුවක් වන බවද පැවසීය.  දිසාපතිවරයා මෙම අදහස් පළ කළේ අද (16) පැවති ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක් දින සේවාව හදුන්වා දීමේ වැඩසටහනට සම්බන්ධ වෙමිනි.

ලංකාවේ පුරවැසියන්ටද මෙම සේවය ඉතා වැදගත් බව පෙන්වා දුන් දිසාපතිවරයා මෙවැනි සේවාවන් තුළින් ජනතාව රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය ඉහළ නංවා ගන්නා බවත්, ඒ තුළින් රජයේ ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකි වන බවත් පෙන්වා දෙන ලදී.

1967 වසරේ ආරම්භ කළ රාජ්‍ය ආයතනයක් වන ඉඩම් රෙජිට්‍රාර් ආයතනය ඉදිරියේදී තව දුරටත් මහජන සේවයක් සදහා කැපවන ආයතනයක් බවට පත්වීමට මෙවැනි නව ව්‍යාපෘති අවශ්‍ය බවද පැවසූ දිසාපතිවරයා නූතන තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත උප්පැන්න සහතිකයක් ලබා දීම සදහා වත්මන් රජය ගෙන යන වැඩසටහන තුළින්ද මෙරට ජනයාට විශාල පහසුවක් වනු ඇති බවද පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාව සදහා මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ඒ.ආබ්දීන් මහතා ඇතුළු පිරිසක්ද සහභාගී විය.

වැඩසටහනේ විශේෂ අවස්ථා පහත දැක්වේ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ

දානමය පිංකමක්.

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දිවයින පුරා පවත්වනු ලබන ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ආගමික වැඩසටහනක් අද (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් සියළුම රජයේ ආයතනවල රාජ්‍ය නිලධාරීන් ත්‍රිපිටකය සහ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැදැගත්කම පිළිබද දැනුවත් කිරීම සිදුවිය. අනතුරුව මහනුවර බෝගම්බර විහාරස්ථානයේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගල්ලෑල්ලේ සෝරත ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනයක්ද පවත්වන ලදී.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවති මෙම ආගමික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සේම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනි.

ත්‍රිපිටකාභිවන්දන සතිය අවසන් කරමින් පැවැත්වෙන ප්‍රධාන උත්සවය මහා සංඝරත්නයේ 5000 නමක සහභාගීත්වයෙන් යුතුව හෙට (23) ප.ව. 2.00 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමහළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී ථෙරවාදී ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ලේඛනගත කිරීමට අදාල යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සදහා විදෙස් රටවල ස්වාමීන් වහන්සේලා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන්, බෞද්ධ රටවල තානාපතිවරු ඇතුළු තවත් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

 

 K Darma1k darma2

 

K darma3k darma4

විෂ දුමෙන් තොර නගරයක්

මහනුවර නගරයේ විෂ දුම අවම කිරිම සඳහා 2018 ජුලි මස 12 වන දින පළ කරන ලද අංක 2079/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ නියෝග මඟින් සංශෝධනය කරන ලද 2003 අංක 1 දරණ ජාතික පරිසර වායු විමෝජන ප්‍රමිති අනුව මෝටර් රථ වාහනවල වායු ප්‍රමිතින් පරික්ෂා කිරිමේ වැඩසටහනක් 2019 පෙබරවාරි 20,21,22 දින මහනුවර නාගරික සීමාව ආවර්ණය වන පරිදි මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ලදි. එම වැඩසටහනේ ජායාරූප පහත දැක්වේ.

 K RMB2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

News & Events