District Secretary

 ecdfe4ce 0d44 4056 8db3 6ee8de95acdc

 

Name :- Mr. Indika Udawatta                                                                
Telephone :- 0812222235
Fax :- 0812233186
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  Performing the development and administration activities and coordinating according to the government policies maintain the welfare of the people to a commendable level by helping contemporary social needs.

Additional District Secretary

ADditional S photo Name :- Mr. E.R.L.B. Etampawala
Telephone :- 0812239241
Fax :- 0812233186
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  Strengthening the district administration through guiding the activities of divisional secretary’s and other institutes in the district under the approval of the district secretary.

Additional District Secretary (Land)  

 a1ecad7e bb8e 4a48 8eb3 27642dcb1b66  

Name :- Mrs. T.B.N.S. Bulathge 
Telephone :- 0812225394
Fax :- 0812233186
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  Strengthening the district administration through guiding the activities of divisional secretary’s and other institutes in the district under the approval of the district secretary.

Chief Accountant 

2d110b41 b610 4aa9 8693 bfa399fbb209

Name :- Mr. K. Sivachandran
Telephone :- 0812233604
Fax :- 0812239240
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  Doing financial management to perform development, welfare, disaster relief and administration in the district to a commendable level and doing the financial responsibility for people through the financial report.

Chief Internal Auditor

 806843962 NP

Name :- Mrs. W.T.P.G.N.N. Weerasinghe
Telephone :- 0812236762
Fax :- 0812236762
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Director (Planning) - Duty Coverup

 IMG Name :- Mr. R.M.L.C. Karunathilaka
Telephone :- 0812224079
Fax :- 0812201120
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  Developing on going in depth knowledge of district planning issues and priorities through communication with the government policies, organizations and communities to provide professional planning leadership and management of staff within the single planning development team, with a clear emphasis on performance delivery, continues improvement and customer services to a commendable level.  

Assistant District Secretary  

8a296719 f6d0 4492 ae8a 261cb1d08340

Name :- Mrs. W.M.I. Menikdiwela
Telephone :- 0812239129
Fax :- 0812233186
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  Performing assisting duties to development and administration activities under the guidance of District Secretary and Additional District Secretary and maintaining internal administration to a commendable level.

Accountant

 d92999f0 5ffd 4b99 94ea 832e18a127a0

Name :- Mr. M.V.I. Lakdeera
Telephone :- 0812239240
Fax :- 0812239240
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Chief District Engineer

    

 

 

 

 

Name :- 
Telephone :- 0815626672
Fax :- 0812233186
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

District Engineer

 

Name

:- Mr. N.B.H.P. Rathnayake

Telephone

:-

Fax

:- 0812233186

Email

:- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Administrative Officer

ao miss Name :- Mrs. S. P. Siriwardena
Telephone :- 0812224435
Fax :- 0812233186
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Assistant Controller of Explosive

    

 

 

 

 

Name :- Mr. H.J.R. Hettiarachchi
Telephone :- 0812222770
Fax :- 0812222033
Email :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Deputy Director (Planning)

  Name

:- Mrs. H.M.N.K. Herath

Telephone

:- 0812224079

Fax

:- 0812201120

Email

:- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Assistant Director (Planning)

  Name

:- Mrs. H.M.A.S. Herath

Telephone

:- 0812224079

Fax

:- 0812201120

Email

:- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 Assistant Director (Planning)

  ADP photo Name

:- Mrs. K.J.N.M.D.K. Nawarathne

Telephone

:- 0812224079

Fax

:- 0812201120

Email

:- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   
   
   
   
   
   
   
   
   
   

 

 sin1

හැඳින්වීම

මනහර කදුවැටි හා නිම්න භුමිවලින් සැදුම්ලත් මහනුවර දිස්ත්‍රික්කය, මධ්‍යම කදුකරයේ වර්ග කිලෝමීටර් 1940ක භුමි ප්‍රමාණයක් වසා පැතිර ඇති මනරම් භුමි භාගයකි. උතුරින් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල , පල්ලේගම හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද, නැගෙනහිරින් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රා‍දේශිය ලේකම් කොට්ඨාසයෙන්ද, දකුණින් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හගුරන්කෙත, කොත්මලේ, නුවරඑළිය හා අඹගමුව කොරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගෙන්ද, බටහිරින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, බුලත් කොහුපිටිය, මාවනැල්ල හා රඹුක්කන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින්ද, කුරැණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම හා රීදිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින්ද, මායිම් වී පවතින මහනුවර දිස්ත්‍රික්කය, උතුරු අක්ෂාංශ 60.56 ත්, 70.29ත් හා නැගෙහිර දේශාංශ 80.25ත් 80.0ත් අතර පිහිටා පිහිටා ඇත.

ඓතිහාසික පසුබිම

අභිමානවත් ඉතිහාසයකට උරුමක් කියන මහනුවර ප්‍රදේශය අනුරාධපුර, පොළොන්නරැව යුගයන්වලදී මලය රට ප්‍රදේශයට අයත්ව තිබු අතර ගම්පොල රජ කල තුන්වන වික්‍රමබාහු රජ දවස නගරයක් වශයෙන් දියුණු කළ බව ජනප්‍රවාදයේ දැක්වේ. සෙංකඩගල නුවර නමින් එදා හැදින් වු මහනුවර පළමුවන විමලධර්මසුරිය රජතුමා විසින් සිංහල රාජධානියේ අග නගරය ලෙස යොදා ගනිමින් අලංකාර දළදා මන්දිරයක්, රජ මාලිගයක් ඇතුළු සියළුම අංග වලින් සම්පුර්ණ නගරයක් බවට පත් කරන ලදි. එතැන් සිට සියවස් 3ක පමණකාලයක් පෘතුගිසී. ලන්දේසි සහ ඉංග්‍රිසි යන බටහිර බලවත් ජාතීන්ගේන නිර්මල බුදු දහම සහ සිංහල සංස්කෘතිය ආරක්ෂාකර ගනිමින් 1815 මාර්තු 02 වන දින දක්වා සිංහල රාජධානියේ අගනුවර වශයෙන් සෙංකඩගල පුරවරය නොසැලි පැවතුණි. මුහුදු බඩ පළාත් බටහිර ජාතීන් පාලනය කළ යුගයේ දී ඔවුන් විසින් මහනුවර රාජධානියට වරින් වර එල්ල කෙරුණ ආක්‍රමණයන්ට එරෙහිව සිදු වු ජයග්‍රාහි සටන් බොහෝමයක් මහනුවර ආශ්‍රිතව සිදුවිය. දෙවන රාජ සිංහ රජ සමයේ පේරාදෙනිය, ගන්නෝරුවේදී සහ යටිනුවර දන්තුරේ දි සිදු වු සටන්වලින් ආක්‍රමණික විදේශ හමුදා සම්පුර්ණයෙන්ම විනාශයට පත්විය. විදේශිකයන්ගෙන් සිංහල රාජධානිය රැක ගැනිමට පිහිට වු ප්‍රධාන බල කොටුවක් වන බලන කොටුව වර්තමාන කඩුගන්නාව නගරය ආසන්නයේ පිහිටා ඇත. 1815දි විවිධ දේශපාලන අර්බුද නිසා මහනුවර රාජධානිය බ්‍රිතාන්‍ය ජාතිකයින්ට අයත් වු ප සු අවසන් සිංහල රජ වු ශ්‍රි වික්‍රම රාජසිංහ රජු එම වස‍රේ පෙබරවාරි 15 වන දින මැද මහනුවර බෝමුරේ ගම්මානයේදි ඉංග්‍රීසීන් විසින් අල්ලා ගන්නා ලදි. 1815 මාර්තු 02 වන දින මහනුවර මගුල් මඩුවේදී අත්සන් තැබුණු උඩරට ගිවිසුම මගින් ශ්‍රි ලංකාවේ පාලනය ඉංග්‍රීසීන් අතට පත් වු අතර ඔවුන් විසින් රටේ අග නගරය ලෙස කොළඹ භාවිතා කරන තෙක්ම රටේ ප්‍රධාන නගරය ලෙස සැලකුණේ මහනුවරයි. සිංහල ඉතිහාසයේ අවසන් නිදහස් සටන වන 1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල වෙනුවෙන් මහනුවර ප්‍රදේශයේ රදල නායකයින් විශාල පිරිසක් නායකත්වය දී ඇත. සිය තනතුරැ පසෙක ලා නිදහස් සටන වෙනුවෙන් කැපවුණු මොණරවිල කැප්පෙටිපොල, මඩුගල්ල ආදි නායකයින් බොහෝ දෙනෙකුගේ නිජ බිම වී ඇත්තේ මහනුවර ප්‍රදේශයයි. 1818 නිදහස් අරගලය කෲර ලෙස මැඩ පැවැත්වු ඉංග්‍රීසීන් විසින් මහනුවර ප්‍රදේශය ඇතුළු කදුකරය වැවිලි කර්මාන්තය හා වෙළදාම මත පදනම් වුණු ආර්ථික රටාවක් කරා ගෙන යන ලදී. වැවිලි ආර්ථිකය යටතේ මුලින්ම හදුන්වාදුන් කෝපි වගාව දිලීර රෝගයක් නිසා විනාශ වු පසු දිවයිනේ සිටුවන ලද පළමු තේ ගස දෙල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ලූල්කදුර වතුයායේ අදත් දක්නට ඇත.

ඓතිහාසික ස්ථාන

මුළු මහත් ලෝකයේම බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වු ශ්‍රි දළදා මාලිගාව මහනුවර නගරයේ පිහිටා ඇති අතර ඓතිහාසික වශයෙන් වැදගත් වු සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

1.ගඩලාදෙණිය විහාරය
2.ඇම්බැක්ක දේවාලය
3.දෙගල්දොරැව රජමහ විහාරය
4.ගල්මඩුව රජමහ විහාරය
5.තලාව රජමහ විහාරය
6.මැදමහනුවර බෝමුරේ ගම්මානය හා රජගල කන්ද

ඒ අතරින් කිපයකි.

දේශගුණික සහ පාරිසරික ලක්ෂණ

ප්‍රධාන වශයේන මුහුදු මට්ටමේ සිට මිටර් 100 -1600ත් අතර උසකින් යුතු මධ්‍යම කදුකරයේ පිහිටා ඇති මහනුවර දිස්ත්‍රික්කයේ නැගෙනහිර ප්‍රදේශය මහවැලි ගගට මායිම්ව මුහුදු මට්ටමේ සිට මීටර් 100 පමන උසින් යුතු තැනිතලා ස්වභාවයක් ගනි. සාමාන්‍ය වාර්සික් වර්ෂාපතනය මි.මි. 1840ක අගයක් ගන්නා අතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර ප්‍රදේශය වන මිනිපේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කදුකර හා පහතරට වියළි කළාපීය දේශගුනික ලක්ෂණයන් සහිතය. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20-22 අතර අගයක් ගන්නා අතර වසර පුරාම සෞම්‍ය දේශගුණයක් දිස්ත්‍රික්කයේ වැඩි භුමි ප්‍රදේශයක පවති. සාමාන්‍යයෙන් දෙල්තොට, පස්‍බාගේ කෝරළේ, ගග ඉහළ කෝරළේ, උඩදුම්බර පන්විල ආදි ප්‍රදේශවල උෂ්ණත්වය අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර ප්‍රධාන වහයෙන් වියළි කලාපයේ පිහිටා ඇති මිනිපේ ප්‍රදේයේ සාපේක්ෂව වැඩි උෂ්ණත්වයකින් යුක්තවේ. මහවැලි ගංගා‍ව දිස්ත්‍රික්කය මැදින් ගලා යන ප්‍රධාන ගංගාව වන අතර. එය මුළු දුරෙන් ආසන්න වශයෙන් කි.‍මි. 110ක් දුරක් මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව ගලා බසි. මහවැලි ගංගාවේ ආරම්භක ජල ධාරා වන හැටන් ගග සහ කොත්මලේ ඔය එක් වී මහවැලි ගංගාව නමින් ගලා බැසීමපටන් ගන්නේද පස්බාගේ පොල්වතුර නම් ග්‍රාමයේදීය. මෙසේ ගලා යන මහවැලි ගංගාවට දිස්ත්‍රික්ක අනෙකුත් ප්‍රදේශවලින් ගලා එන ජල ධාරාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් එක් වේ. මිට අමතරව දැදුරැ ඔයේ ආරම්භක ජල ධාරා ආරම්භ වන්නේද ජුජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙනි. දිස්ත්‍රික්කයේ යටිනුවර හා උඩුනුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවල බටහිර බෑවුමෙන් ගලා යන ජලධාරා මා ඔයට එක් වී එහි ජල ධාරාව වැඩි කරයි. දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රධාන කදු පන්ති අතර උඩදුම්බර, මැදදුම්බර, මිනිපේ සහ පන්විල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසවල පිහිටි නක්ල්ස් කදුවැටිය දිස්ත්‍රික්කයේ සුවිශේෂිත පාරිසරික කළාපයක් වේ. එහි ප්‍රධාන කදු ශිඛර වන කොබෝනිල ගල (උස මීටර් 1553.87) , දෝතුළුගල (උස මිටර් 1573.96) , දුම්බානගල (උස මීටර් 1642.57) ආදි කදුශිඛර මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. සාමාන්‍ය වර්ෂාපතනය ඉහළ අගයන් ගන්නා මෙම කලාපය මහවැලි ගගේ සහ අඹන්ගගේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශක් වේ. ශ්‍රි ලංකාවට අවේනික ශාක සහ සත්ත්ව ප්‍රජාවකට රැකවරණය සලසන නක්ල්ස් කදුවැටිය මහනුවර දිස්ත්‍රික්කයේ ස්වභාව සෞන්දර්ය අතින් ඉහළම තැනක් ගන්නා ප්‍රදේශයකි. හන්තාන කදුවැටිය, අම්බුළුවාව කන්ද, බලන කදුවැටිය, අලගල්ල කන්ද වැනි කදු ප්‍රදේශ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර කඩියන්ලෙන, ගලබොඩ ආදි සුන්දර දිය ඇලි විශාල ප්‍රමාණයක් ද මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මේ දිය ඇලි වලින් විශාල ප්‍රමාණයක් අප්‍රකටව පවතින මුත් සුන්දරත්ව අතින් ඉහළ අගයක් ගනි. මාතලේ දිස්ත්‍රික්කයට මායිම්ව ඓතිහාසික මීමුරේ ගම්මානය අසල නක්ලස් කදුවැටියේ පිහිටි ලකේගලද සංචාරකයින් විශේෂයෙන් ඇලුම් කරන සුන්දර ස්ථානයකි.

ස්වාභාවික වෘක්ෂලතා

මහනුවර දිස්ත්‍රික්කයේ මුළු භුමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 41,521ක් වනාන්තර වශයෙන් පවති. මෙම භුමි ප්‍රමාණය මුළු භුමි ප්‍රමාණයෙන් සියයට 21කි. දැඩි රක්සිතයක් ලෙස රැකගත යුතු මෙම වනාන්තර වලින් හෙක්ටයාර් 23,317 භුමි ප්‍රමාණයක් ඝන වනාන්තරයක් වශයෙන් ද පවති. හෙක්ටයාර් 10,759ක් විවෘත වනානාන්තර සහ හෙක්ටයාර් 7,445 ක ප්‍රමාණයක් වන වන වගා ලෙස ද පවති. උස් කදු මුදුන් ආශ්‍රිතව වැඩි වන ගහණයක් දක්නාට ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජල උල්පත් වල ආරක්සාවට මෙම වනාන්තර ප්‍රමාණය ආරක්ෂා කරගැනිම දැඩි අවශ්‍යතාවයක් වන අතර විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙහි පැවැත්මට තර්ජනය එල්ලවන අවස්ථා ඇත. නක්ල්ස් රක්ෂිතයට අයත් වන විශාල භුමි ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයට අයත්වේ. ශ්‍රි ලංකාවට ආවේනික ශාක හා සත්ත්ව වර්ග කිහිපයකට වාස භුමිය වන මෙම කළාපය දැඩි ස්වාභිවික රක්ෂිතයක් ලෙස නම්කර ඇති ප්‍රදේශයකි. රන්දෙණිගල , රන්ටැඹේ අභය භුමි ප්‍රදේශයේ විහාල භුමි ප්‍රමාණයක් ද මෙම දිස්ත්‍රික්කයට අයත් වේ. හන්තාන කදු වැටිය හා උඩවත්ත කැළේ මහනුවර නගාරාසන්නයේ පිහිටා ඇති අතර මින් හන්තාන කදුවැටිය දැඩි පාරිසරික තර්ජනයකට ලක් වු ප්‍රදේශයකි.

වන සතුන්

මහනුවර දිස්ත්‍රික්කයේ වනාන්තර ආශ්‍රිතව විහාල වන සත්ත්ව ප්‍රජාවක් ජීවත් වන අතර අලිය, දිවියා, වදුරා, රිලවා, වල් ඌරා, කොළ දිවියා, මුවා, වැලි මුවා, ඒ අතර ප්‍රධාන තැනක් ගනී. උඩදුම්බර, මිනිපේ යන ප්‍රදේශවල වල් අලින් දක්නට ඇති අතර රන්දෙණිගල අභය භුමිය ආශ්‍රිතව නිරන්තරයෙන් වල් අලීන් දක්නට ලැබේ. මෙම ප්‍රදේශවල විශාල ලෙස පැතිරුණු වන ගහණය තුල දිවියන් ද ජීවත් වන අතර ගම්පොල, හන්තාන, පාතහේවාහැට , මීමුරේ යන ප්‍රදේශවලින් ද දිවියන් පිළිබද විටින් වාර්තා වේ. දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකම කැලෑ ආශ්‍රිතව වදුරන්, රිලවුන් සහ වල් ඌරන් ජිවත් වන අතර රන්දෙනිගල අභය භුමිය ආශ්‍රිතව තිත් මුවන්, ගෝණුන් සහ වැලි මුවන් වැනි සත්ත්ව විශේෂ දක්නට ඇත. මීට අමතරව පක්ෂි විශේෂ විශාල ප්‍රමාණයක්ද ප්‍රදේශයේ ආශ්‍රිතව ජිවත් වේ.

මහනුවර කච්චේරියේ ඉතිහාසය

1815 මාර්තු දෙවෙනිදා අත්සන් කළ කන්ද උඩරට ගිවිසුමත් සමග ලංකාවේ ස්වෛරී බව අහෝසි වි බ්‍රිතාන්‍ය කිරී‍ටයේ යටත් විජිතයක් බවට පත්විය. ඒ සමගම මෙතෙක් පැවැති රජු මුල්කොටගත් දේශිය රාජ්‍ය පරිපාලන ව්‍යුහය බිදවැටුණි. ඒ අනුව බ්‍රිතාන්‍ය යුගයේ මධ්‍යම පළාතේම ප්‍රධාන පරිපාලන නිලධාරියා මහනුවර කච්චේරියේ දිසාපතිවරයා විය. ඉතිහාසගත තොරතුරු මුලාශ්‍රවලට අනුව මහනුවර කච්චේරිය ක්‍රි.ව. 1825 දී මහනුවර රජගෙදර කේන්ද්‍රකොටගෙන ප්‍රථමයෙන්ම ආරම්භකොට ඇත. මහනුවර ප්‍රථම දිසාපතිවරයා ලෙස සුදු ජාතික ජෝර්ජ් ටර්නර් මහතා කටයුතු කොට ඇති අතර හෙතෙම 1825 සිට 1827 දක්වා මහනුවර මහ දිසාපතිවරයා ලෙස කටයුතු කොට ඇත. මහනුවර රජගෙදර කේනද්‍රකොටගෙන පවත්වාගෙන යනු ලැබු මහනුවර කච්චේරිය 1868 දී ශ්‍රි දළදා මාලිගාවේ පත්තිරිප්පුව වෙත රැගෙන ගොස් ඇති බවටද, තොරතුරු හමුවෙයි. එවකට මහනුවර සමහ දිසාපතිවරයාලෙස කටයුතු කොට ඇත්තේ සුදු ජාතිකයෙකු වු පී.ඩබ්.බේබුක් මහතාය. මීට අමතරව විවිධ හේතුන් මත මහනුවර කච්චේරිය මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට තාවකාලිකව ගෙන ගොස් ඇත. 1880 දී ශ්‍රි දළදා මාළිගාවය සමීපව ඉදිකළ කච්චේරි ගොඩනැගිල්ලට (පසුකාලීනව උසාවි ගොඩනැගිල්ල ලෙස හදුන්වන ලද) මහනුවර කච්චේරිය ගෙනගොස් ඇති අතර එවකට දිසාපතිවරයාව කටයුතු කොට ඇත්තේ සුදු ජාතිකයෙකු වු එෆ්.බී. ටෙම්ප්ලර් මහතාය. එවක් පටන් අවුරුදු 80ක් පමණ කච්චේරියේ කටයුතු අඛන්ඩව සිදුවි ඇත්තේ එම ස්ථානයේය. 1957 වර්ෂයේදී එවකට දිසාපතිවරයාව කටයුතු කළ ඒ.බී.එස්.එන් පුල්ලේනායගම් මහතාගේ කාලයේදී මහනුවර කච්චේරිය දැනට යටිනුවර විදියේ පවත්නා ගොඩනැගිල්ලට ගෙන ගොස් ඇත. 1825 සිට 2020 වන විට මහනුවර දිසාපතිවරුන් 68 දෙනෙකු යටතේ පාලනය වී ඇති අතර, චන්දන තෙන්නකෝන් මහතා දැනට මහනුවර දිසාපති තනතුරේ කටයුතු කරයි.

පුවත් සහ සිදුවීම්